මයිනාගෝගම සහ ගෝටාගෝගම සාමකාමී උද්ඝෝෂණවලට දේශපාලන මැරයන් යොදා ප්‍රහාර එල්ලකරන අවස්ථාවේදී කොල්ලුපිටිය පොලීසියේ වැඩබලන ස්ථානාධිපති වශයෙන් සිට ඇත්තේ විනයවිරෝධී කටයුතු මත දඬුවම් ලබමින් සිටි, සනත් නිශාන්තගේ ගෝලයෙකු බව අනාවරණය වේ.
මොහු කොල්ලුපිටිය වැඩබලන පොලිස්ථානාධිපති ලෙස පත් කර යවා ඇත්තේ ම්ලේච්ච ප්‍රහාරයට දින දෙකකට පෙරය. ඔහු ආරච්චි කට්ටුව පොලිස් ස්ථානාධිපති ලෙස සිටි අනුරාධ හේරත් නම් පොලිස් පරීක්ෂකයෙකු වන අතර විනය විරෝධී චෝදනා ඔප්පුවීමෙන් සේවයෙන් පහත හෙළා කුරුඳුවත්ත පොලීසියට මාරු කර සිටි ඇත.
මොහුගේ පියා පුත්තලම හිටපු දිස්ත්‍රික් ලේකම්වරයෙකු බවද විශ්‍රාම ගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති බවද වැඩිදුරටත් අනාවරණය වේ. කොල්ලුපිටිය ස්ථීර පොලිස් ස්ථානාධිපති ඩන්කන් ගුණවර්ධන රෝගී තත්වයක් මත නිවාඩු ලබා සිටින අතරතුර අනුරාධ හේරත් එහි වැඩ බැලීමට හදිසියේ යොදවා තිබේ.
සාමකාමී අරගලයට එල්ලකරන ලද ම්ලේච්ච ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (11) කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති කැඳවා ඇති අතර එයට යොදවා ඇත්තේ අනුරාධ හේරත් නම් සනත් නිශාන්තගේ මෙම පොලිස් ගෝලයා බව වැඩිදුරටත් අනාවරණය වේ.
උපුටා ගැනීම : lankatruth
