මීගමුව නගරයේ කලබලකාරී තත්වයක්! ජාතිවාදයට බැර කිරීමේ තැතක්! (VIDEO)
මීගමුව නගරයේ කලබලකාරී තත්වයක් අද (10) මේ වනවිට ඇති වී තිබෙන බව එහි සිටින අප වාර්තාකරුවෝ කියති. ඊයේ දිනයේ එම ප්‍රදේශයේ හෝටලයකට ගිනි තැබීමේ සිද්ධියකට අදාලව මීගමුව නගරයේ දී මෙම තත්වය ඇතිවී තිබෙන බවත් හෝටල් ව්‍යාපාරිකයාගේ හිතවතුන් පිරිසක් සහ නගරයේ ව්‍යාපාරිකයන් පිරිසක් අතර ආරවුලක් ඇතිවී තිබෙන බවත් එහි සිටින පුද්ගලයෝ කියති.
මේ අතර මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ ව්‍යාපාරික ස්ථානවලට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් දැන් එය සමතයකට පත්ව ඇති බවත් ඔවුහු කියති. එසේ වුව ද එය ජාතිවාදී ගැටුමක් බවට පත්කිරීමට කිසියම් පිරිසක් උත්සාහ ගනිමින් සිටින බව ද මීගමුව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව පවසයි.
උපුටා ගැනීම : rata
මීගමුව නගරයේ කලබලකාරී තත්වයක්! ජාතිවාදයට බැර කිරීමේ තැතක්! (VIDEO)
2022-05-10T21:00:00+05:30
Gossip Lanka Hot News





