මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීමට නියෝග!
මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ආරක්ෂක අමාතයංශය විසින් ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මේ අතර අද උදෑසන 06 දක්වා කාළය තුළ දිවයින පුරා ඇතිවූ කළහකාරී තත්ත්වයන් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් පොලිසිය විසින් නිවේදනයක් මගින් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව මෙම තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ පුද්ගලයින් 06 දෙනෙකු සහ දකුණු පළාතේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අදාළ වාර්තාව මගින් පොලීසිය පෙන්වා දෙයි.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ නිවාස 68කට සහ රථවාහන 47කට ගිනිතබා ඇති බවය.
එසේම නිවාස 65කට සහ රථවාහන 41කට හානි සිදුකිරීම් වාර්තා වී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීමට නියෝග!
2022-05-10T20:15:00+05:30
Gossip Lanka Hot News





