සියළුම රෝහල්වල දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සදහා අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබී යෑමෙන් ඉදිරියේ දී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුධයක් මතුව තිබෙන නිසා නුදුරේදී ම වැසී යනු ඇතැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයෝ පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් දැඩි සත්කාර සහ අධිසත්කාර ඒකක හී වායු සැපයුම් යන්ත්‍ර මත ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අවධානමකට ලක්වන අතර, රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර නොමැතිව එම ඒකක පවාත්වා ගැනීමට නොහැකිව දැඩි අර්බුදයක් මතුව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසීය.
මේ නිසා දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකකවල වායු සැපයුම් යන්ත්‍ර මත ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අවදානමකට ලක්වන බව ද ඔහු කීය.
එම යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ප්‍රතික්‍රියක මිල දී ගැනීම වෙනුවෙන් සැපයුම්කරුවන් වෙත ගෙවිය යුතු රුපියල් මිලියන තුන්සීයක පමණ මුදලක් මාස 4කට වඩා වැඩි කාලයක් තිස්සේ ගෙවීම සෞඛ්‍ය අමාත්‍යංශය පැහැරහැර ඇතැයි ඔහු චෝදනා කළේ ය.
මේ නිසා තවදුරටත් එම ප්‍රතික්‍රියක ලබා දීම කළ නොහැකි බව අදාළ සමාගම් දන්වා ඇතැයි ද ඒ හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේ ය.
මෙවැනි ගැටලු සදහා තාවකාලික පිළියමක් හෝ යෙදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් කටයුතු නො කිරීම හේතුවෙන් සැපයුම්කරුවන් ඉතා අසීරු තත්වයකට පත්ව තිබෙනවා.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට ණය දීම හේතුවෙන් ඇතැම් සමාගම් බංකොලොත් වී ඇති බවත්, ඇතැම් සමාගම් ජාත්‍යන්තර වශයෙන් අසාධුගත වී ඇති බවත් වාර්තා වනවා.
වර්ථමාන අගමැතිවරයා විසින් සෞඛ්‍ය සේවාව පිළිබඳ සොයා බැලීමේ වගකීම රුවන් විජේවර්ධන ව පත්කර ඇතත්, ගැටලුවට අවශ්‍ය සාකච්චාවක් අදාළ පාර්ශව සමග තවම සිදු වී නොමැති බව යි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය වෙනුවෙන් රවී කුමුදේශ් අවධාරණය කළේ.
