gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුමන්දිරන්ගේ කුලප්පුව නිසා ජනාධිපතිට අප්‍රසාදය පළ කරන යෝජනාව අඩපණ වුණා - අගමැති

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා වන ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පරාජයට පත්වූයේ පාර්ලිමේන්තු උපක්‍රමශීලී බව අමතක කර එය ඉදිරිපත් කළ නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ, ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව පරාජයට පත්වීම පිළිබඳ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව විවාදයට ගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමට අවශ්‍ය බව එම්.ඒ සුමන්තිරන් තමා හමුවී පැවසූ බව කී අග්‍රාමාත්‍යවරයා එම යෝජනාව ජනපති තනතුරෙන් ඉවත් කරන්නට නොව අප්‍රසාදය පළ කිරීම සඳහා බවත් ඉන්පසුව ජනපතිට බලයේ සිටිය හැකි බවත් සුමන්තිරන් තමා සමඟ පැවසූ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කලහකාරී සිද්ධි නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මිය යාම, මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදහස් පළ කිරීමට අඟහරුවාදා කාලය වෙන්කර තිබෙන බැවින් ඊට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත් ජනාධිපතිවරයාට අප්‍රසාදය  පළ කිරීම ගැන ඊට පසුව විවාද කිරීමට වෙලාව තිබෙන බවත් එහිදී තමා සුමන්තිරන්ට පැවසූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කීය.

ස්ථාවර නියෝග අත්හිටුවන යෝජනාව පරාජයට පත් වුවහොත් ප්‍රධාන යෝජනාව ද අඩපණ වන්නේ ද යැයි ද අඟහරුවාදා දින තමන්ගේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරුන් තීරණය කර තිබෙන්නේ යැයි ද තමා සුමන්තිරන්ට දැනුම් දුන් බව ද අග්‍රාමාත්‍යවරයා කීය.

නමුත් අවාසනාවකට විපක්ෂය ස්ථාවර නියෝග හිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර එය පරාජයට පත්වූ බවද දැන් ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ඉදිරියට ගෙනයන්න පුළුවන් ද කියා ප්‍රශ්නයක් තිබෙන බව ද කී අග්‍රාමාත්‍යවරයා මෙය සිදුවූයේ පාර්ලිමේන්තු උපක්‍රමශීලී බව අමතක කර යෝජනාව ඉදිරිපත් කළ නිසා බව බවද සඳහන් කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka