gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කොටුවේ… පිටවන සෑම මගක්ම ජනතාව වසා දමති...හරීන්ගේ චණ්ඩිකමුත් කැමරාවේ සටහන් වෙයි - (VIDEO)

පාර්ලිමේන්තුවෙන් පිටවීමටයන මන්ත්‍රීවරුන් ඇතුලු පාර්ලිමේන්තු නියෝජිතයන් සියලු දෙනාම පාර්ලිමේන්තුව තුළ සිරකිරීම සඳහා ජනතාව රැකවල්ලා සිටින අයුරු දැකගත හැකි විය.

දියඋයන පිවිසුමට අතුරු මගකින් පිටවීමට ගිය හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, හෙක්ටර් අප්පුහාමි ඇතුළු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල වුණු දැඩි විරෝධය නිසා ඔවුන් සියලුදෙනාටම වාහන හරවාගෙ යෑමට සිදු විය.

හරීන් ප්‍රනාන්දුට එල්ල වුණු විරෝධය හමුවේ ඔහු අවේගයෙන් හැසිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇතිවීමට ගියේය.එය පාලනය කරගත්තේ අසීරුවෙනි.

එමෙන්ම මෙහිදී විරෝධතා කරුවන් කීවේ තවදුරටත් උඹලා අපේ සේවකයින් මිස අමුතු චන්ඩින් නොවන බවය. තමන්ගේ දරුවන් බඩගින්නේ  පාසලකට යන්නට නොහැකිව දුක් විඳිද්දී පාර්ලිමේන්තුව තුළ එකිනෙකාට බැණගෙන කා බී පැමිණෙන එක් පුද්ගලයෙක් සම්බන්ධවත් දැන් ජනතා විශ්වාසයක් නැති බවය.

මේ වනවිට පාර්ලිමේන්තුවෙන් පිටවී යන ජනතා මන්ත්‍රීවරුන්ට එළියට යෑමට නොදී දැඩි විරෝධතා ඇති වෙමින් තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka