gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

21 සම්මත කරගන්න බැරි වුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා… ආණ්ඩුව තීන්දුවකට!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයට යෑමට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡා ආරම්භ වී ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණයකට මුහුණ දීමට සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති වුව ද ජනතා අපෙක්ෂා ඉටු කළ නොහැකි නම් ආණ්ඩුව පවත්වාගෙන යෑමෙන් පලක් නැතැයි මන්ත්‍රීවරුන්ගේ මතය වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගෙන් ලංකාසර කළ විමසුමක දී  ඔහු  කියා සිටියේ මැතිවරණයකට යෑම සඳහා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද ආණ්ඩුව අභ්‍යන්තරයේ ඒ පිළිබඳ කථිකාවක් ආරම්භ වී  තිබෙන බවය.

වත්මන් ආණ්ඩුව සැලසුම් කළ නියෝජ්‍ය කතානායකවරයා පත් කර  ගැනීම හා 21 වැනි සංශෝධනය සම්මත කරගැනීම යන ප්‍රධාන කරුණුවල දී  පොදුජන පෙරමුණ දක්වා ඇති  ප්‍රතිචාරය යහපත් නොවන බව ද ඇමතිවරයා කීවේය.

උද්ගතව ඇති මෙම තත්ත්වය තුළ 21 වැනි සංශෝධනය සම්මත කරගැනිම සඳහා  දැඩි උත්සාහයක් දරන බව පැවසූ හෙතෙම එයත් අසාර්ථක වුවහොත් ඡන්දයකට යෑම හැර වෙනත් විකල්පයක් ඉතිරව නැති බව අවධාරණය කළේය.

මැතිවරණයකට යෑමට සුදුසු මට්ටම රට නැති වුව ද ඒ සම්බන්ධව ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතු බව පවසන ඔහු මැතිවරණයට පෙර මූලිකත්වය දී ඇත්තේ 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීම, ගෑස්, ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කඩිනමින් ලබා දීම, සහ ජනතාව මුහුණපා සිටින සෙසු මූලික ප්‍රශ්න ටික විසඳාලීම සඳහා බව ඔහු වැඩිදුරටත් කීවේය.

-lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka