gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට යන්න තහනම් කළත් මහින්දයි දේශබන්ධුයි තවම පාස්පෝට් අධිකරණයට බාර දී නෑ! ජොනීගේ පාස්පෝට් එක ගේ ගිනිගනිද්දී විනාශ වෙලාලු!

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කිහිප දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදීමට මෙතෙක් අපොහොසත් වී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය මෙම කරුණු අනාවරණය කළේ සාමකාමී විරෝධතාකරුවන්ට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මහින්ද රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ මහ නගර සභා මන්ත්‍රී මහින්ද කහඳගම ඇතුළු කිහිප දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර මෙතෙක් අධිකරණයට භාරදීමට අපොහොසත් වී ඇති බව ඒ.එස්.ජී ජිනසේන අධිකරණයට ප්‍රකාශ කළාය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය විදේශ ගමන් බලපත්‍රය නිවෙස ගිනි ගනිද්දී විනාශ වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka