gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහබැංකු අධිපති එළවන්න මාධ්‍ය මෙහෙයුමක් ඇරඹෙයි!

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීම සදහා මේ වනවිට දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

නන්දලාල් වීරසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ සිට ලංකාව බලා පැමිණියේ ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනාවකට අනුව වුවත් ඔහු තනතුර බාර ගැනීම සදහා ඉදිරිපත් කළ එක් කොන්දේසියක් වූයේ කිසිවකුටත් මහබැංකුවට ඇගිලි ගැසීමට ඉඩ නොදී එය ස්වාධිනව පවත්වාගෙන යාමට ඉඩ ලබා දිය යුතු බවය.

කෙසේවුවත් මේ වනවිට නන්දලාල් වීරසිංහ මහතා ඉලක්ක කරගෙන ‌මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ වී ඇති අතර නැවතත් හිටපු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම තනතුරට පත් කළ යුතු බව කියමින් එම මෙහෙයුම දියත් වී ඇති ආකාරයක් දැකගන්නට ඇත.

ඉකුත් යහපාලන සමයේ මහබැංකු බැදුම්කර වංචාව සිදුවද්දී ඊට විරෝධය පළ කළ පිරිස අතර ඉදිරියෙන්ම සිටියේ නන්දලාල් වීරසිංහ මහතාය.

එමෙන්ම බැදුම්කර කොමිසම ඉදිරියේ ඒ මහතා අදාළ වංචාව පිළිබදව විශාල හෙළිදරව් කිහිපයක්ම සිදු කළේය.

බොහෝ දෙනා සැක පළ කරන්නේ ඒ හේතුව මත ඒ මහතාට එරෙහිව මෙම මාධ්‍ය මෙහෙයුම දියත්වී ඇති බවකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka