මෙරට රුපියල් ආදායම අඩුවී ගොස් ඇති නිසා තවත් රුපියල් ටි‍්‍රලියනයක මුදලක් මුද්‍රණය කරන්නට සිදුව ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඉදිරි කාලය ජනතාවට තවත් දුෂ්කර වනු ඇති බවත් එම කාලය තුළ මෙරට උද්ධමනය 40% සීමාව ඉක්මවා යනු ඇති බවත් ඔහු එහිදී කියා සිටියි.
ඉදිරි සති හයක් ඇතුලත අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බවද පවසන අමාත්‍යවරයා එමගින් යටිතල පහසුකම් සංවර්ධනයට වෙන්කර ඇති මුදල් වෙනත් සහන වැඩසටහන් සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවද කියා තිබේ.
