gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'පාස්කු ඉරිදා චූදිතයන්ට දඬුවම් දීම... රංජන් රාමනායක නිදහස් කිරීම' - කොන්දේසි 07ක් මත මනූෂ සහ හරීන්, රනිල් සමඟ එක්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු දෙදෙනා මෙම අසීරු අවස්ථාවේ එම ප්‍රශ්න විසඳීමට ඉදිරිපත්වන නායකයකුට සාතිශය ගෞරවයෙන් සහ ප්‍රසාදයෙන් සහයෝගය ලබාදෙන බව අද (17) උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

පාස්කු ඉරිදා චූදිතයන්ට කඩිනමින් දඬුවම් දීම, රංජන් රාමනායක නිදහස් කිරීම, ගෝඨාගෝ ගමට මැර ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීම, ජාතික වැඩපිළිවෙලක් සැකසීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු කොන්දේසි 07ක් ද ඔවුන් දෙදෙනා විසින් ඉදිරිපත් කර තිබේ.

තමන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නව ආණ්ඩුවට සහය ලබාදෙන්නේ වගකීම් බාර ගත්ත ද එවැනි වගකීම් සහිත තනතුරුවලට අදාල වරප්‍රසාද කිසිවක් ලබා නොගනිමින් බව ද මන්ත්‍රීවරු දෙදෙනා සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.

මේ මොහොත වන විට අපේ රට අතිශයින් තීරණාත්මක තැනකට පැමිණ සිටී. මෑත ඉතිහාසය තුළ අපේ රට මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බූදය අප අත්විඳිමින් සිටී.

බුරබුරා නැගෙන පීඩනය දරාගන්නට නොහැකිව පක්ෂ පාට ජාති ආගම් භේදයෙන් තොරව සියලු ජනතාව අපේක්ෂා භංග ව සිටී.එවන් තත්ත්වයක් තුළ අන් කවරදාටත් වඩා පටු අපේක්ෂාවන්ගෙන් තොරව කටයුතු කිරීමේ අවස්ථාවට අප මුහුණ දී සිටිමු.

ඒ අනුව,මේ තීරණාත්මක අවස්ථාවේ රට ගොඩනැගීමේ භාරදූර කටයුත්ත වෙනුවෙන් වූ අභියෝගය භාරගන්නා ඕනෑම පුද්ගලයකු සම්බන්ධව අප තුළ සාතිශය ගෞරවයක් සහ ප්‍රසාදයක් ඇති බව දන්වා සිටිමු.

ඒ අනුව ඇති කරන්නට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දීම පිණිස අප සමගි ජනබලවේගයෙන් ස්වාධීන වීමට කටයුතු කරමින් සිටිමු.

යහපත් අරමුණක් උදෙසා ඕනෑම අභියෝගයක් ඉදිරිපිට ඊට මුහුණ දීමටත්,ඕනෑම අභියෝගයක් බාර ගැනීමටත් කිසි විටකත් අප පසුබට නොවන අතර අපගේ දේශපාලන ජීවිතය තුළ ඊට අවශ්‍ය සාක්ෂි ඕනෑ තරම් ඇති බව ද මේ මොහොතේ සිහිපත් කරමු.

ඒ අනුව,අප විසින් ගනු ලබන තීන්දු, හුදු ජනප්‍රිය තීන්දු නොවන ඒවා විය හැකි නමුත් එය රට වෙනුවෙන් ගනු ලැබූ තීන්දුවක් බවට අපගේ හෘද සාක්ෂිය අවධාරණය කරන බව අප දනිමු.එකී තීන්දුව මේ රට වෙනුවෙන් සහ මේ රටේ අරගල කරන නිර්පාක්ෂික ජනතාව වෙනුවෙන් ශුද්ධ වූ හැඟීමෙන් ගත් තීන්දුවක් බව ද සඳහන් කරමු.

එකී ආණ්ඩුවට සම්බන්ධ වන්නේ නම් අප වෙත ලැබෙන අමාත්‍යාංශයන්හී වගකීම උපරිමයෙන් ඉටු කරන අතර අමාත්‍යවරයෙකු ලෙස ලැබෙන වරප්‍රසාද කිසිවක් භාර නොගන්නා බව ද ඒ සියල්ල මේ රට ගොඩනැගීම උදෙසා වෙන් කරන බවද සඳහන් කරමු.

එබැවින්,

ගොඩනගන්නට නියමිත සර්ව පාක්ෂික ආණ්ඩුවට සම්බන්ධ වීමට ප්‍රථම පහත කරුණු පිළිබඳව නිරවුල් සහතිකයක් අපි අපේක්ෂා කරමු.

1.පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ චූදිතයින්ට එරෙහිව පරීක්ෂණ කඩිනම් කොට වැරදිකරුවන්ට දඬුවම් ලබා දීම සහ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම,මෙන්ම අවශ්‍ය වෙතොත් ඒ සඳහා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීම.

2.සිරගතව සිටින රංජන් රාමනායක මහතාට ඔහුට හිමි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සියල්ල සමඟ නිදහස ලබා දීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීම.

3.මේ මොහොතේ මුළු රටම ඉල්ලා සිටින “gota go home” ඉල්ලීම දින දින වකවානු සහිතව ඉටුකරන ආකාරය පිළිබඳව නිශ්චිත වූ නිගමනය සහ අරගලය කළ නිරායුධ ජනතාව ඉලක්ක කර ගනිමින් ඉකුත් නව වෙනිදා එල්ල කළ ප්‍රහාරයේ චූදිතයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම.

4.අනීතික ලෙසත්,අසාධාරණ ලෙසත්,දේශපාලන පලිගැනීම් මත සිරගත කොට ඇති පිරිස් පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම සහ ජන සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහතික කිරීම.

5.,මෙතෙක් මූල්‍ය වංචා සිදු කොට ඇති පුද්ගලයින් සම්බන්ධව පරීක්ෂණ තීරණාත්මක තැනකට රැගෙන ඒම සහ රට ගොඩනැගීම උදෙසා වූ ආර්ථිකමය වැඩපිළිවෙළ.

6.විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම,විසි එක් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී කාරණා කඩිනමින් ඉටු කිරීම.

7.කලින් කලට වෙනස් වන ප්‍රතිපත්ති වෙනුවට,ජාතික වැදගත්කමකින් යුක්ත කරුණු අරබයා ව්‍යවස්ථාපිත ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ ඒවාට තිරසාර වටිනාකමක් එකතු කිරීම.

ඉහත කරුණු  මේ රට ඉල්ලා සිටින තීරණාත්මක ඒවා වන අතර ඒ කෙරෙහි සංවේදී වන ලෙසත්,ඒවාට සාධාරණය ඉටු කරන ලෙසත්,ඒවා නොපිරිහෙලා ඉටුකරන බවට සහතිකයකුත් අපේක්ෂා කරමු.

හරීන් ප්‍රනාන්දු
මනූෂ නානායක්කාර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka