නව අගමැතිවරයා වශයෙන් තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව කීවද අද පෙරවරුවේම පාර්ලිමේන්තුව දෙපැත්ත බෙදී ජන්දය විමසන ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව පොහොට්ටුවෙන් අජිත් රාජපක්ෂ සහ විපක්ෂයෙන් රෝහිණී කවිරත්න යන දෙදෙනා ඉදිරිපත්ව තිබේ.
මීට අමතරව ස්වාධීන කණ්ඩායමේ බොහෝ දෙනකු අද පාර්ලිමේන්තුවට පැමිණ නැති බවක්ද දැකගත හැකිය.
ඒ අනුව යළිත් පිහිටුවා ඇත්තේ පොහොට්ටු ආණ්ඩුවක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
මේ වනවිට නැවත වතාවක් නියෝජ්‍ය කතානායකවරයා තෝරාගැනීම සදහා ජන්ද විමසුමක් පැවැත්වෙන අතර ඒ සදහා පාර්ලිමේන්තුවේ කාලය සහ ධනය විශාල ලෙස වැයවන බවද ඔවුන් පෙන්වා දෙයි.
