සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීමට තමා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම් බව සමඟි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.
ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තනතුරින් ඉවත් නොවන බැවින් මේ අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගෙන්නේ නැති බව ය.
එබැවින් ප්‍රතිපත්ති පාවාදී ආණ්ඩුවට එකතුවී ජනතා අරගලයට එරෙහිවීමට තමන් කටයුතු නොකරන බවද එහි සඳහන් වේ.
හර්ෂ ද සිල්වා ෆේස්බුක් ගිණුමේ තැබූ සම්පූර්ණ සටහන පහතින්
