පසුගිය නව වැනිදා ගාලු මුවදොර පිටිය සහ අරලියගහ මන්දිරය අසල කලහාකාරී සිදුවීමක් ඇතිවූ බව තමන් දැනගත්තේ එදින පස්වරුවේ බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
එවැන්නක් දැන සිටියේ නම් එය වැළැක්වීමට කටයුතු කරන බවද එවන් සිදුවීමක් ඇති වන බව දැන සිටියේ නම් තමන් පාක්ෂිකයන්ට අරලියගහ මන්දිරයට ඇතුළු කර නොගන්නා බවද හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.
එමෙන්ම එම සිදුවීම් සම්බන්ධයෙන් තමන් කිසිදු පෙලඹවීමක් සිදුනොකළ බවට ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය හමුවේ විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.
කොළඹ විශේෂ ස්ථානයක දී මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත්තේ අග්‍රාමාත්‍යවරයා අසනීප තත්ත්වයෙන් පසු වූ දැනුම්දීම හේතුවෙනි.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගෙන් නැවත ප්‍රකාශයක් ලබා ගන්නේද නැද්ද යන්න නීතිපතිවරයාගේ උපදෙස් මත තීන්දු කිරීමට නියමිතව ඇත.
