අටළුගම අතුරුදන් වූ දැරියගේ සිරුර හමු වෙයි!
බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයේ අතුරුදන් වී සිටි දැරියගේ මළ සිරුර සොයා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, අටළුගම මහ පල්ලිය ආසන්නයේ වගුරු බිමක තිබී දැරියගේ සිරුර සොයා සොයා ගෙන ඇති බව ය.
දැරිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබුණේ, CCTV කැමරා ක්‍රියාත්මක නොවන නිවසට ආසන්න මීටර් 150ක ප්‍රදේශයකදී දැරිය යම් සිදුවීමකට මුහුණ දී ඇති බව ය.
9 හැවිරිදි ෆාතිමා අයිෂා නම් දැරිය ඊයේ (මැයි 27) පෙරවරු 10.00ට පමණ නිවසේ සිට මීටර් 200කින් පමණ දුරකින් යුත් වෙළෙඳසලකට කුකුළු මස් රැගෙන ඒම සඳහා ගොස් තිබිණි.
කෙසේ වෙතත්, ඇය නැවත නිවස වෙත නොපැමිණීම හේතුවෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
අටළුගම අතුරුදන් වූ දැරියගේ සිරුර හමු වෙයි!
2022-05-28T17:22:00+05:30
Gossip Lanka Hot News






