gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති මහින්ද පැය 3ක් තිස්සේ CIDයට මොනාද කිව්වේ? හැමෝම හොයන සම්පූර්ණ ප්‍රකාශය මෙන්න

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පසුගිය 9 වනදා විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගත් ප්‍රකාශය නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.
 
පෙරේදා පැය 3 ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි වාර්තා වන්නේ.

හිටපු අග්‍රාමාත්‍යවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් අදාළ ප්‍රකාශය ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඔහු සිටින ස්ථානයට ගොස් එම ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
 
පසුගිය 9 වනදා කොල්ලුපිටියේ සහ ගාලුමුවදොර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පෙළඹවීමක් තමන් විසින් සිදුනොකළ බවත්, එවැන්නක් දැන සිටියේ නම් එය වළක්වාලන බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් බව වාර්තා වනවා.
 
එමෙන්ම,තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව තිබූ අතර, පසුගිය 9 වනදා පාක්ෂිකයන් තමන් හමුවීමට පැමිණි බැවින් ඔවුන් අමතා කතාවක් සිදුකළ බවයි මහින්ද රාජපක්ෂ එහිදී සඳහන් කර ඇත්තේ.
 
ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් එදින පස්වරුවේ තමා දැනුවත් වූ බවත්, එවැන්නක් සිදුවන බවට දැන සිටියේ නම් අදාළ පාක්ෂිකයන් අරලියගහ මන්දිරයට ඇතුළු කර නොගන්නා බවට හිටපු අග්‍රාමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශයේ දැක්වෙනවා.
 
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් යළිත් වරක් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට නියමිතයි. එමෙන්ම, අද දිනයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන් ද පසුගිය 9 වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.
 
එලෙස ප්‍රකාශ ලබා ගත් මන්ත්‍රීවරුන් අතර අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ ද සිටින අතර ඔහුගෙන් පැය පහරමාරක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
 
මෙම සිද්ධියට අදාළව පොලිස්පතිවරයා, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයා මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, සී.බී. රත්නායක ඇතුළු පිරිසකගෙන් ද මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
 
එමෙන්ම, සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
 
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අරමකීර්ති අතුකෝරළගේ ඝාතනයට අදළව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මේ අතර, පසුගිය 9 වනදා ඇති වූ කලහකාරි සිදුවීම අතරතුර හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති රන්ජන් ඉලේපෙරුමගේ නිවසට පහරදීමේ සිද්ධියට අදාළව සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා.
 
ඊට අදාළ නඩුව අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු කැබ් රථයකින් අධිකරණයට පැමිණ සිටි අතර නඩුව පැවැත්වෙන අතරතුර එම කැබ් රථයට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වන බවයි පොලීසිය සඳහන් කළේ.
 
පසුගිය 9 වනදා ඇති වූ සිද්ධිය සහ මාර්තු 31 වනදා මිරිහානේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක සහ ජෙනරාල් දයා රත්නායක යන අයගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.
 
මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස පිහිටි කුරුදුවත්ත පොලිස් වසමේ පස්වන පටුමග සහ ඒ අවට මාර්ග හා පාසල් අවහිර කරමින් මහජන පීඩාවක් සිදුවන ආකාරයට විරෝධතා පැවැත්වීම වළක්වලමින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.
 
කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නයේ අද දහවල් උණුසුම් තත්ත්වයක් හට ගත්තේ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිසක් එම ස්ථානයේ සිට පාගමනින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණීමත් සමගයි.
 
ඔවුන් පාගමනින් අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නයට පැමිණිමත් සමග අවට පාසල් කිහිපයක සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් පොලීසිය එය වැළැක්වීමට තැත් කළ අවස්ථාවේදී යම් උණුසුම් තත්ත්වයක් හට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka