ගෙවල්වලට වන්දි දෙන්න ඉස්සෙල්ලා ඒ අය ඒ දේපොළ හොයපු විදිහ මුලින්ම හොයන්න! වන්දි ගන්න බලන් හිටපු මැතිඇමැතිවරුන්ට ලොකු බාල්දියක් පෙරළෙයි!
අරලිය ගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වූ මැරයන් ගෝඨා ගෝ ගමට පහර දීමන් පසුව, පසුගිය නම වන දා, රට පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් ගිනි තැබීම් වලට ලක් වූ මැති-ඇමතිවරුන්ගේ දේපළ සදහා වන්දි ගෙවන්නේනම්, එම දේපළ උපයාගත් ආකාරය අනිවාර්යයෙන්ම සෙවිය යුතු යැයි මාර්තු 12 ව්‍යාපාරය පවසයි.
මාර්තු 12 ව්‍යාපාරය, ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවක දී, එම සංවිධානය නියෝජනය කරමින් අදහස් දැක් වූ වරළත් ගණකාධිකාරී ප්‍රශාන්ත අබේකෝන් මහතා මේ අදහස පළ කර තිබේ.
දේපළ හානි වූ මැතිඇමතිවරු සදහා වන්දි ගෙවීමට යන්නේ නම්, විශේෂයෙන් ම ආදායම් බදු ගෙවා ඇති ලිපිගොනු, වත්කම් බැරකම් ප්‍රකාශන, ව්‍යාපාර ඇත්නම් ඒවායේ වාර්ෂික ගිනුම් වාර්තා, රක්ෂණ පිළිබද තොරතුරු වැනි සියළු තොරතුරු විමසා බැලිය යුතු බවයි ප්‍රශාන්ත අබේකෝන් මහතා පවසා ඇත්තේ.
ගෙවල්වලට වන්දි දෙන්න ඉස්සෙල්ලා ඒ අය ඒ දේපොළ හොයපු විදිහ මුලින්ම හොයන්න! වන්දි ගන්න බලන් හිටපු මැතිඇමැතිවරුන්ට ලොකු බාල්දියක් පෙරළෙයි!
2022-05-27T07:03:00+05:30
Gossip Lanka Hot News






