මැයි 09 වනදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට රහස් පොලිසිය වෙත අද පෙරවරුවේ පැමිණි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැය පහකට ආසන්න කාලයක් සිය ප්‍රකාශය ලබා දී සවස 2.30ට පමණ ඉන් පිටව ගොස් ඇත.
මෙහිදී අරලිය ගහ මන්දිරයේදී කල සම්පූර්ණ කතාව විකෘති කර යම් යම් කොටස් ගෙන ඒවා සංස්කරණය කොට සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය වල ප්‍රචාරය කොට ඇති බව සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමටද ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇත.
මෙම සම්පූර්ණ කතාව නීතිඥවරුන් පිරිසක් විසින්ද විමර්ශනය කර ඇත.
මේ අනුව එසේ කතාව විකෘතිකර සමාජ මාධ්‍ය ඔස්සේ සමාජගත කර ඇති පුද්ගලයින් සෙවීමටද කටයුතු ආරම්භ කර ඇති බවද මේ පිලිබදව විමර්ශනය කල නීතිඥවරුන් ප්‍රකාශ කර ඇත.
මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු පසුගිය 9 වනදා සිදුවූ සිද්ධින්ට අදාළව ප්‍රකාශ ලබා දී තිබුණි.
