දැවැන්ත විපක්ෂ සන්ධානයක් හැදෙමින් පවතී! පෙරටුගාමී හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අතරත් සාකච්ජා යයි!
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අතර සාකච්ඡාවක් අද (24) කොහුවල, ශ්‍රී මහා විහාර මාවතේ, අංක 28 දරණ ස්ථානයේ පිහිටි දෙමළ ප්‍රගතිශීලී සන්ධාන කාර්‍යාලයේදී පැවැත්විණි.
එයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභිකයන් වන පුබුදු ජයගොඩ, සංජීව බණ්ඩාරද, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් එහි නායක මනෝගනේෂන්, නියෝජ්‍ය නායක දිගම්බරන්, එහි මහලේකම්වරයා සහ ප්‍රියානි ගුණරත්න සහභාගී විය.
මූලික වශයෙන් ජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කරවීම, ජනතාවට එල්ල වන මර්දනයට හා අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිවීම, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම යන මාතෘකා සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර එකඟතාවක් ඇතිවිය.
වතු කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එක්සත් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්ද අවබෝධයක් නිර්මාණය කර ගන්නා ලදී.
දැවැන්ත විපක්ෂ සන්ධානයක් හැදෙමින් පවතී! පෙරටුගාමී හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අතරත් සාකච්ජා යයි!
2022-05-24T20:00:00+05:30
Gossip Lanka Hot News






