ශ්රී ලංකාවේ බිඳවැටී ඇති නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට ඉන්දියාව වහා සිය හමුදාවන් ශ්‍රී ලංකාවට යැවිය යුතු බව භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ දේශපාලනඥයෙකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි සඳහන් කරයි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර සිටී.
‘නීතියේ ආදිපත්‍ය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ඉන්දියාව ශ‍්‍රී ලංකාවට ඉන්දීය හමුදාව යැවිය යුතුය. මේ වන විට ඉන්දීය විරෝධී විදේශ බලවේග ජනතා කෝපයෙන් ප්‍රයෝජන ගනිමින් සිටී. මෙය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපායි.
India must send in the Indian Army to restore Constitutional sanity. At present anti Indian foreign forces are taking advantage of people’s anger. This affects India’s national security
— Subramanian Swamy (@Swamy39) May 10, 2022
