පොලිස්පති සහ හමුදාපති මානව හිමිකම් කොමිසමට කැඳවයි!
ඊයේ ගාලුමුවදොර සිදුවීමේදී හා රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාවලදී නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත් වූයේ මන්දැයි කරුණු විමසීමට පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයා හෙට මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබේ.
පොලිස්පතිවරයාට සහ යුද හමුදාපතිවරයාට හෙට පෙරවරු 10ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.
ඊයේ ගාලුමුවදොර සිද්ධිය පාලනය කරගැනීමට නොහැකිවීම සම්බන්ධව පොලිසියට චෝදනා එල්ලවෙමින් ඇත.
එමෙන්ම නිවාස විනාශ කිරීම්, ගිනි තැබීම්, ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන අවස්ථාවල දී අවශ්‍ය ප්‍රමාණයේ මැදිහත්වීමක් කිරීමට පොලිසිය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වී තිබේ.
පොලිස්පති සහ හමුදාපති මානව හිමිකම් කොමිසමට කැඳවයි!
2022-05-10T22:01:00+05:30
Gossip Lanka Hot News





