gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ ආණ්ඩුවේ මුදල් ඇමතිකම ගන්නේ නෑ... ජනතාවගේ පැත්තේ හිටගන්නවා – හර්ෂ ද සිල්වා

කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට එකතු නොවන බවත් ජනතාව ඉල්ලා සිටින්නේ මෙවැනි දේශපාලන ගේම් නොවන බැවින් තමන් ජනතාවගේ පැත්තේ සිටගන්නා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

මා ජනතා මතයෙන් පිට හදන අලුත් පාලනයට එක් නොවන්නේ ඇයි?

ජනමතයට විරුද්ධව හැදීමට යන අලුත් පාලනයට මා එක් නොවන්නේ ඇයිදැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන නිසා මෙම පැහැදිලි කිරීම කරමි. මෙහිදී, වර්තමාන ආර්ථික සහ දේශපාලන අර්බුදය ඇතිවූයේ කෙසේදැයි කෙටියෙන් සඳහන් කළ යුතුය. මෙම අර්බුදයට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙරට තිබෙන ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය සහ වත්මන් ගෝඨා ආණ්ඩුවේ අමනෝඥ තීරණ සහ උද්ධච්ඡ කමයි.

රට ගැන හිතනවාට වඩා, ආර්ථික වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්තියක් ගැන හිතනවාට වඩා බලයට කෑදරකමින් බලය සහ වරප්‍රසාද ඩැහැගන්නා ගේම් දේශපාලනය දැන් මෙරට දේශපාලන සංස්කෘතියයි. මොවුන් තට්ටු මාරු ක්‍රමයට මේ බලය විවිධ සරුවපිත්තල කතා කියමින් ඩැහැගන්නවා විනා කරන දෙයක් නොමැත.

මා දේශපාලනඥයෙකු වූයේ රැකියාවක් නැති නිසා නොවේ. ශ්‍රී ලංකාව කෙදිනක හෝ ලෝකයේ බබලන රටක් බවට පත්කිරීමට මාගේ උපරිම දායකත්වය ලබාදීම මාගේ අරමුණයි. ඒ වෙනුවෙන් අන්කවරදාකටත් වඩා ස්වර්ණමය අවස්ථාවක් උදාවී ඇතැයි මා සිතමි. තරුණ පරම්පරාව ගතානුගතික දේශපාලන වහල් බැමි බිඳ දමා නැගී සිටිමින් ඇත.

ඔවුන් ඉල්ලා සිටින්නේ වංකත්වයෙන්, වංචා දූෂණ වලින් දේශපාලන ඩීල් වලින් තොර සැබෑ ලෙස රටට ආදරය කරන දේශපාලන සංස්කෘතියකුයි. එය අප සමාජ ක්‍රමයේ විප්ලවීය හැරවුමකි. ඒ තුළින් මේ රට නැවුම් මාවතකට හරවා රට දිනවිය හැකියැයි මා තරයේ විශ්වාස කරමි. මේ නිසා, හෘද සාක්ෂියට එකඟව මේ ජන රැල්ල මට පාවාදිය නොහැකිය. මට මුදල් අමාත්‍යවරයා වන්නැයි බොහෝ ඉල්ලීම් පැමිණියද මා එයට අවනත නොවුණෙමි.

ජනතාව ඉල්ලන්නේ මෙවැනි දේශපාලන ගේමක් නොවේ. පවුලක බලය රැක දීමට, ඔවුන්ගේ අනාගතය සුරැකීමට, බලයට කෑදර වුන් පිනවීමට හදන ආණ්ඩුවක තනතුරු ලබාගැනීමට වඩා ගෙදර යන එක මට සැපයකි. ජනාධිපතිවරයා කළ යුතුව තිබෙන්නේ සැබෑ ලෙස රට ගොඩගත හැකි ජනතාව පතන වෙනසට අවස්ථාව ලබාදීමයි.

ඒ සඳහා අපි සාකච්ඡා කළ අතර ඒවාට ජනාධිපතිවරයා එකඟවූයේ නැත. ජනතාව ප්‍රතික්ෂේප කළ බල කඳවුරු ආරක්ෂා කිරීමට වඩා කළ යුත්තේ ඒවා පුපුරවා දැමීම යැයි මා තරයේ සිතමි. කිසිදු වැඩපිළිවෙළක් නැති, කිසිදු ආර්ථික දැක්මක් නැති, කුඩා කණ්ඩායමක බලය රැක ගැනීමට හැදූ ඇහින්දාස් ආණ්ඩුවක තනතුරු ප්‍රතික්ෂේප කරමින් මා ජනතාවගේ පැත්තේ සිට ගන්නේ ඒ නිසාවෙනි.

මා කිසිදිනෙක පුද්ගලික වාසිය සඳහා ප්‍රතිපත්ති පාවා දීමට සූදානම් නැත. මුළු රටේම ජනතාව පක්ෂ පාට, ජාති, ආගම් බේදයකින් තොරව ඉල්ලා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත්වන ලෙස වන අතර එම අරගල මේ දේශපාලන ඩීල් වලින් යට ගැසිය නොහැක.

ඉදිරියේදී මේ චෞර වලල්ල එකට තබා පරදවන මහා ජන රැල්ලේ කොටස් කරුවෙකු වීමට මා ඉදිරියට පැමිණෙමි. දේශපාලන ගේම් වලින් රට මුදාගෙන යහපත් රටක් හදමු.

හර්ෂ ද සිල්වා


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka