gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

විමල්ගේ බිරිඳගේ පාස්පෝට් නඩුවේ තීන්දුව අද!

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව අද (13) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

මෙම නඩුවේ සාක්ෂි විභාගය පසුගිය පෙබරවාරි මාසයේදී අවසන් වූ අතර තීන්දුව මාර්තු මාසයේදී ප්‍රකාශට පත්කිරීමට නියමිතව තිබුණු නමුත් එය අවස්ථා දෙකකදී කල් දැමුණේය.

ශෂී වීරවංශ මහත්මියගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයෙහි ඇයගේ උපන්දිනය 1967 වසරේ බවට සඳහන්ව තිබුණු නමුත් ඇය සිය උපන්දිනය 1971 වසරේ බව සඳහන් කරමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka