මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු ‘මැර වැඩ කළ’ පොහොට්ටු ආධාරකරුවන් 6ක් අත්අඩංගුවට!
ගාලු මුවදොර ගෝඨාගෝගම අරගලකරුවන්ට පහර දීමේ සිද්ධියට අදාළව මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල ප්‍රසන්න, කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමීර චතුරංග, සීතාවක ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ, බන්දුල ජයමාන්න සහ දිනෙත් ගීතික යන පුද්ගලයින් සිටින බව ය.
අදාළ පිරිස කොළඹදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
-mawbima
මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු ‘මැර වැඩ කළ’ පොහොට්ටු ආධාරකරුවන් 6ක් අත්අඩංගුවට!
2022-05-18T15:05:00+05:30
Gossip Lanka Hot News





