gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සමාවෙන්න හෙටත් පෙට්‍රල් නෑ!

ශ්‍රී ලංකා මුහුදු සීමාවට පෙට්‍රල් නැවක් මේ වන විට පැමිණ තිබුණත් එය ගොඩබා ගැනීම  සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට නොහැකි නිසා අද හා හෙට දෙදින ද පෙට්‍රල් පිළිබඳ බලාපොරොත්තුවක් තබා නොගන්න ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර  අද (18) පාර්ලිමේන්තුවේ දී ජනතාවගෙන් ඉල්ලයි.

පෙට්‍රල් නැවට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය හා අගමැති උත්සාහ කරමින් සිටියත් ප්‍රධාන රාජ්‍ය  බැංකු දෙකෙහිම ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් තිබෙන බවත් පෞද්ගලික බැංකුවලින් ද ඩොලර් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එහෙත් අද හෝ හෙට අවශ්‍ය මුදල් ලැබෙනු ඇතැයි ඇමතිවරයා බලාපරොත්තු පල කළේය.

අනෙක් ගැටලුව වී ඇත්තේ මෙම ඉන්ධන නෞකාවට ගිය ජනවාරිවල මෙරටට ගෙනා පෙට්‍රල් සඳහා ඩොලර් මිලියන 53ක් ගෙවීමට තිබීමය.  එම මුදල ද ගෙවනා තුරු නැව පෙට්‍රල් ගොඩබෑම ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් අගෝස්තු මාසයේ මුල් දින 15 තුළ දී එම මුදල ගෙවන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙමින් පෙට්‍රල් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පවසයි.

පෙට්‍රල් නොමැති වුවත් ඩීසල් ප්‍රමාණවත් පරිදි ලබා දීමට මේ වන විට කටයුතු කරගෙන යන බවත් සියලු ඉන්ධනහල්වලට ප්‍රමාණවත් පරිදි ඩීසල් ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පෙට්‍රල් නොමැතිකම නිසා රැකියාව කර ගැනීමට නොහැකි වෙන ත්‍රීරෝද රථ රියැදුරන් ඇතුලු සියලු රියැදුරන්ගෙන් අමාත්‍යවරයා සමාව ඉල්ලා සිටි අතර අද හෙට පෝලිම්වල නොසිටින ලෙස ද ඉල්ලා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka