ඊයේ (මැයි 06) සිට ක්‍රියාත්මක පරිදි ජනාධිපතිතුමා විසින් හදිසි අවස්ථා නීතිය ක්‍රියාත්මක කරනු ලැබූයේ වත්මන් ආර්ථික සමාජ අර්බුදය ජයගනු පිණිස කළයුතු ප්‍රතිසංස්කරණ සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත් සාමාන්‍ය ජන ජීවිතය බාධා විරහිතව පවත්වාගෙන යාමත් අරමුණ කොටගෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම පිනිස අපේ දේශපාලන, ආර්ථික, සමාජ දේහයේ ගැඹුරු ප්‍රතිසංස්කරණ සමූහයක් කළ යුතු බවත් ඒ වෙනුවෙන් රජය ක්‍රියාත්මක බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
එම නිවේදනය පහත දැක්වේ.
