gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යහපාලන බැංකු පොලුකරුවන් අතර 06 වෙනි තැන ඇමැති දයා ගමගේට!

පසුගිය වර්ෂ 5 පුරාම එනම් 2017 සිට 2021 දක්වා ගතවූ කාලය තුළ රාජ්‍ය බැංකුවක අක්‍රීය ණය ශ්‍රේණිගතකරණයේ මුල් ස්ථාන 10 අතරින් යශෝධා සමූහ ව්‍යාපාරය පළමු ස්ථානයේ රැදී සිටින බව හෙළිි වී තිබේ.

අදාළ බැංකුවේ 2018 -2019 වර්ෂවල කාර්ය සාධනය සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳව 2022 මැයි 04 වැනි දින පොදු ව්‍යාපර පිළිබද කාරක සභාව විසින් සිදු කරන පරික්ෂණයේ දී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

යෂෝධා සමූහ ව්‍යාපාරයට අමතරව CML, MTD සමූහ ව්‍යාපරාය, මිහින් ලංකා පෞද්ගලික සමාගම, W.M.මෙන්ඩිස් පෞද්ගලික සමාගම, හුරාවී ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම, දයා ඇපරල් සමූහ ව්‍යාපාරය සහ නවලෝක සමූහ ව්‍යාපරය, ගුඩ් ෆෙලෝස් පෞද්ගලික සමාගම, රිකාන් ලංකා පෞද්ගලික සමාගම සහ ග්‍රේලයන් එක්ස්ප්‍රස් පෞද්ගලික සමාගම ඉහළම අක්‍රීය ණයකරුවන් 10 අතර පිළිවෙළින රැඳී සිටී.

වාර්තා වන පරිදි 2020 වන විට 2017 වර්ෂයට සාපේක්ෂව වැඩි ම අක්‍රීය ණය 10හි ශේෂය සියයට 45.94කින් හෙවත් රු. මිලියන 14,910.66 කින් වැඩි වී ඇත. අක්‍රීය ණය 10හි 6 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ පසු ගිය යහපාලන සමයේ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයා ගමගේට අයත් දයා ඇපරල් සමූහ ව්‍යාපරයයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka