gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රෝහල්වල සිසේරියන් සැත්කමක්වත් මහන්න නූල් පොටක් නෑ…

අද වන විට මෙරට රෝහල්වල වෛද්‍ය උපකරණ සහ ඖෂධ වල දැඩි හිගයක් පවතින බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
එහි ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ඇතැම් රෝහල්වල සිසේරියන් සැත්කම් කිරීමේ දී අවශ්‍ය වන මැහුම් ද්‍රව්‍ය පවා හිග තාවයක් ඇතිවී තිබෙන බවයි.
එම බොහෝ ද්‍රව්‍ය රෝගීන්ට වෙළඳපළින් සොයාගෙන එන්නැයි රෝහල් විසින් දැනුම් දෙන බවද ඔහු පැවසීය.

අද වන විට රටේ බොහෝ රෝහල් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යන්නේ රෝගීන්ගේ හා පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත බවද හෙතෙම සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka