තෙල් පෝලිම් අවසන්… SMS ක‍්‍රමයක් එයි..
සිපෙට්කෝ තෙල් ගබඩා සංකීර්ණයෙන් ඉන්ධන රැගත් බවුසර පිට වීමේ වේලාවන් අදාල ඉන්ධන පිරවුම්හල්වල කළමනාකරුවන් වෙත ස්වයංක‍්‍රීයව කෙටිපනිවිඩ මගින් දැනුම් දීම ආරම්භ කර තිබේ.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ ඒ අනුව ඉන්ධන හල් වල කළමනාකරුවන්ට තමන්ගේ තෙල් තොග ළඟාවන වෙලාව පැහැදිලිව දැනගත හැකි බවයි.
ඒ අනුව ඉන්ධන පෝලිම් වල සිටින පුද්ගලයන්ට වඩාත් නිවැරදිව එම තොරතුරු ලබා දීමේ හැකියාව ඉදිරියට ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.
තම ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.
තෙල් පෝලිම් අවසන්… SMS ක‍්‍රමයක් එයි..
2022-05-22T15:25:00+05:30
Gossip Lanka Hot News






