gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විද්වතුන් සහ වෘත්තිකයින් රැසකගෙන් රට රැක ගැනීමට යෝජනා මාලාවක්!

රට මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලනික අර්බුදය විසඳීම සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කරමින් විද්වතුන්, වෘත්තිකයින් සහ සිවිල් වැසියන් රැසකගේ අතසනින් යුතු ප්‍රකාශනයක් ඉදිරිපත් කර තිබේ.

දේශපාලන නායකයින්ට සහ මහ ජනතාවට ඉදිරිපත් කර ඇති එම යෝජනා මෙසේ ය.

ගෙවුම් ශේෂ අර්බුදය විසදා ගැනීමේ ප්‍රශ්නයට ප්‍රමුඛ වැදගත්කමක් ලබා දීමට අතිරේකව,
(අ) ජාතිය ගොඩ නැගීම

(ආ) නීතියට ඉහළින් සිටින ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කර ගැනීම

(ඇ) අධිකරණයට විමර්ශන බලය ලබා දීම

(ඈ) දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම

(ඉ) මැතිවරණ හා පක්ෂ අරමුදල් විගණනය කිරීම

(ඊ) දූෂණය තුරන් කිරීම හා නාස්තිය අවම කිරීම

(උ) ජාතික ප්‍රතිපත්ති රාමුවක් තනා ගැනීම

(ඌ) වාර්ගික, ආගමීක, ලිංගික හා සංස්කෘතික ජන කණ්ඩායම් වල දුක් ගැනවිලි සොයා බැලීම

(එ) මහජන ව්‍යවස්ථාවක් හෙවත් මහජන සහභාගී ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම

එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සහය ලබා දෙන ලෙස මහ ජනතාවගෙන් ද ඉල්ලීමක් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා, චාර්ල්ස් තෝමස් සහෝදර තුමා, මහාචාර්ය බුද්ධි මාරඹේ ඇතුළු 33 දෙනෙකු ඊට අත්සන් තබා තිබේ.

එම නම් මෙසේ ය.

වික්ටර් අයිවන්
චාල්ස් තෝමස් සහෝදරතුමා
සාරා ආරුමුගම්
ඔස්ටින් ප්‍රනාන්දු
බැසිල් ප්‍රනාන්දු
මහාචාර්ය බුද්ධි මාරඹේ
මහාචාර්ය සරත් අබේකෝන්
සරත් ප්‍රනාන්දු
මංජුල සිල්වා
ජූඩ් ප්‍රනාන්දු
ආසිරි ප්‍රනාන්දු
හෂේන්ද්‍ර ප්‍රනාන්දු
ජයලත් බණ්ඩාර
මහේන්ද්‍ර ජයසේකර
ධණුක සමරසිංහ
හර්මන් ගුණරත්න
ලැසිල් ඩි සිල්වා
නීතීඥ මාස් යූසුෆ්
වෛද්‍ය සයිෆුල් ඉස්ලාම්
ආචාර්ය ආර්. සමරතුංග
සරෝජ් පතිරණ
මහාචාර්ය ඇන්ටන් මීමන
ප්‍රසන්න විතානගේ
නීතීඥ ජනක එදිරිසිංහ
ආනන්ද ජයසේකර
ප්‍රසන්ත අබේකෝන්
ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන
දිනිල් පෙරේරා
සොරායා එම්. ඩීන්
ධනුෂි සේනානායක
ජයනි අබේසේකර
ආචාර්ය සොනාලි ටකර්
නිහාල් සහීඩ්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka