‘ස’ ෆේල් හදපු හරීන්-මනූෂ ‘ස’ පාස් කරන්න ‘ස’ගෙ අතින්ම ඇමැතිකම් අරන් කැබිනට් එකට යයි - අද දිවුරුම් දුන් ලයිස්තුව මෙන්න
‘ස’ ෆේල් යන කැම්පේන් එක රට තුළට කාවැද්දුවේ සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් දෙදෙනාය. කෙසේවෙතත් ‘ස’ ෆේල් කියා රටටම කී එම මන්ත්‍රීවරුන් දෙදෙනා අද ජනාධිපතිවරයාගේ අතින් කැබිනට් ඇමැතිකම් ගැනීමට පියවර ගත්හ.
ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතාට ඉඩම් හා සංචාරක අමාත්‍ය ධූරයද, මනූෂ නානායක්කාර මහතාට විදේශ සේවා සහ ජනමාධ්‍ය අමාත්‍ය ධූරයද හිමිව ඇත.
අද දිව්රුම් දුන් අනෙක් ඇමැතිවරු මෙසේය.
නිමල් සිරිපාල සිල්වා – වරාය නාවික හා ගුවන් සේවා
සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන
කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය
විජයදාස රාජපක්ෂ – අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම්
රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත
මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා
නලින් රුවන්ජීව ප්‍රනාන්දු – වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ටිරාන් අලස් – මහජන ආරක්ෂක
‘ස’ ෆේල් හදපු හරීන්-මනූෂ ‘ස’ පාස් කරන්න ‘ස’ගෙ අතින්ම ඇමැතිකම් අරන් කැබිනට් එකට යයි - අද දිවුරුම් දුන් ලයිස්තුව මෙන්න
2022-05-20T10:28:00+05:30
Gossip Lanka Hot News





