ලබන මාසේ රජයේ සේවක පඩි ගෙවන්න සල්ලි නෑ…- මුදල් ඇමති කැබිනෙට්ටුවට දන්වයි…
දැනට තිබෙන තත්ත්වය අනුව ආණ්ඩුවට ලබාගත හැකි ණය උපරිම සීමාවට ලඟා වී ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කර තිබේ. ආණ්ඩුවට ණය ගත හැක්කේ ට්‍රිලියන 2.9 පමණක් බවත් ඒ සීමාව ට‍්‍රිලියන හතරක් දක්වා ඉහළ දැමිය යුතුව ඇති බවත් හෙතෙම කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.
ණය සීමාව ඉහල දමා නොගතහොත් ලබන මාසයේ සිට රජයේ සේවකයන්ගේ පඩි ගෙවීමට වත් මුදල් නැති බව ද හෙතෙම සඳහන් කර ඇත.
නමුත් ණය සීමාව ඉහළ දැමීමට නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වුවද මේ මොහොතේ එය කර ගැනීමට බැරි තත්ත්වයක ආණ්ඩුව සිටින බවද මුදල් අමාත්‍යවරයා පවසා ඇත.
මුදල් අමාත්‍ය අලි සබ්රි මේ බව පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති හදිසි කැබිනට් රැස්වීමේදී ය.
ලබන මාසේ රජයේ සේවක පඩි ගෙවන්න සල්ලි නෑ…- මුදල් ඇමති කැබිනෙට්ටුවට දන්වයි…
2022-05-08T13:02:00+05:30
Gossip Lanka Hot News






