21 එන්නෙම බැසිල්ව ගෙදර යවන්න… මංගල කැබිනට් මණ්ඩලයට කෙටුම්පත ඉදිරිපත් කරන්න සියල්ල සූදානම්!
විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කරන හා ද්විත්ව පුරවැසි භාවය දරන අයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි කිරීම ඇතුළු සාධනීය ප්‍රතිසංස්කරණ ගණනාවක් ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය නව රජයේ මංගල කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඊයේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසූ ආකාරයෙන්ම එම කටයුත්ත සිදුවනු ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 හා 20 සංශෝධනවල යහපත් අංග සහිතව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර ඇති බවත් නීති විශාරද පිරිසක් ලංකාසරට පැවසූහ.
මේ අතර 21 වැනි සංශෝධනය සම්බන්ධව පසුගිය කාලය තුළ විවිධ කණ්ඩායම් , පුද්ගලයින් හා සංවිධාන ඉදිරිපත් කළ යෝජනා රැසක් ද මෙම කෙටුම්පතට ඇතුළත් කර තිබෙන බව ද එම පිරිස කීහ.
නව සංශෝධනයට අනුව විධායක ජනාධිපතිවරයා සතු බලතල රැසක් නව අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට හිමි වනු ඇත.
21 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසු ද්විත්ව පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසී වීමට නියමිතය.
21 එන්නෙම බැසිල්ව ගෙදර යවන්න… මංගල කැබිනට් මණ්ඩලයට කෙටුම්පත ඉදිරිපත් කරන්න සියල්ල සූදානම්!
2022-05-21T12:27:00+05:30
Gossip Lanka Hot News






