දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!
කොටුව ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
පොලිසිය විසින් එම ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තර කර ඇති අතර විරෝධතාකරුවන්ට ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අධිකරණය විසින් වාරණ නියෝග නිකුත් කර ඇති ලංකා බැංකු මාවතට පිවිසීමට විරෝධතාකරුවන් ඇතුළු වීමට උත්සාහ කරද්දීය.
අරගලයට දින 50ක් පිරුණු මොහොතේ මෙම උද්ඝෝෂණය පැවැත්විණ.
දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!
2022-05-28T20:19:00+05:30
Gossip Lanka Hot News






