අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම තුළ කිසියම් විරෝධයක් මේ වනවිට මතුවෙමින් පවතින බව දැනගන්නට ඇත. තමන් අගමැති ධූරය බාරගැනීමෙන් පසු ඩොලර් බිලියන 5ක මුදලක් ලැබෙන බවට වික්‍රමසිංහ මහතා විසින් පොහොට්ටුවේ ප්‍රධානීන්ට දැනුම් දී තිබීම මේ සදහා හේතු වී ඇති බව පැවසේ.
නමුත් මේ වනවිට ඩොලර් බිලියන 5ක් තියා කිසිදු ඩොලරයක් රටට ගෙන ඒමට අගමැතිවරයා අපොහොසත් වීම තුළ මෙම විරෝධය ගොඩනැගෙමින් ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයාගෙන් මේ පිළිබද ප්‍රශ්න කිරීමට පොහොට්ටු මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවද වාර්තා වේ.
