gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පක්ෂ තීන්දුවට පිටින් ගිහින් ඇමැතිකම් ගන්න ශ්‍රීලනිප පස් දෙනා යකා නටයි! මෛත්‍රීපාලත් එක්ක පැය 8ක් කතා කරයි! මෛත්‍රී බෑ කියයි! අද උදෙන්ම ගිහින් ජනාධිපතිව මුණගැහෙයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස්දෙනකු අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී ඇමැතිකම් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා තිබේ. මෙසේ ජනාධිපතිවරයා මුණ ගැසී ඇත්තේ නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන්ය.

එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ කැබිනට් අමාත්‍ය ධූර 2ක් පමණක් ලබා දිය හැකි බවත්, නියෝජ්‍ය අමාත්‍ය ධූර 3ක් ලබා දිය හැකි බවත්ය.

ඒ අනුව නිමල් සිරිපාලද සිල්වා මහතාට එක් කැබිනට් අමාත්‍ය ධූරයක් හිමි වන අතර අනෙක් කැපිනට් අමාත්‍ය ධූරය සදහා මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන මහත්වරුන් අතර තරගයක් හටගෙන ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් ඊයේ දිනයේදී මෙම පස්දෙනා ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණ ගැසී අමාත්‍ය ධූර ගෙන ආණ්ඩුවට එක්විය යුතු බවට දැඩිව බලපෑම් කොට ඇත.

මෙම සාකච්ජා පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වා ඇදී ගොස් ඇතත් ‌මෛත්‍රීපාල සිරිසේන සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රීලනිපය ආණ්ඩවට එක්වී කිසිසේත්ම අමාත්‍ය ධූර ලබා ගත යුතු නැති බවකි.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් පස් දෙනා පක්ෂ තීන්දුවට පිටින් යමින් අමාත්‍ය ධූර ලබා ගැනීමට තීන්දු කොට ඇති බවද දැනගන්නට ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka