තෙල් නැවු 35ක් මග.. රුසියාව තෙල් දෙන්න හදයි… ශ්‍රී ලංකාව ඇහැක් ඇර නොබලයි…
රුසියාවේ කසානි තෙල් සමාගමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට බොරතෙල් ලබාදීමට ඉදිරිපත් වී ඇතත් ශ්‍රී ලංකා රජය ඒ ගැන සැලකිල්ලක් දක්වා නැත.
රුසියාවේ උගරල්ප් තෙල් නිෂ්පාදනය දිනකට බැරල් 313,000ක් දක්වා වැඩි වී ඇති අතර රුසියාවට තෙල් අලෙවි කර ගැනීමට නොහැකි වී ඇත.
සූවස් ඇළේ සිට රුසියානු තෙල් නැව් වලට කඩිනමින් කොළඹ වරායට පැමිණිය හැකිමුත් ශ්‍රී ලංකාව තවදුරටත් මැදපෙරදිගින් තෙල් මිලට ගැනීමට ක්‍රියාකරන බව හෙළි වී ඇත.
“ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයූ ව්‍යාපාරික ජාලය රුසියාවෙන් අඩු මිලට තෙල් මිලට ගැනීමට ඉඩ දෙන්නේ නැත. මේ තෙල් ඒකාධිකාරය දිගටම ක්‍රියාත්මක වෙනවා” යැයි ආරංචි මාර්ග පැවසීය.
– දිවයින
තෙල් නැවු 35ක් මග.. රුසියාව තෙල් දෙන්න හදයි… ශ්‍රී ලංකාව ඇහැක් ඇර නොබලයි…
2022-05-22T07:30:00+05:30
Gossip Lanka Hot News






