gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද සාටකයක් දාගත්ත එකෙකුට පාරකට බහින්න බෑ... උදදච්ච කපුටාස් ඒ තත්වෙට පත් කලා - විමල් වීරවංශ

අද සාටකයක් දාගත්ත මිනිහෙකුට පාරකට බහින්න බැරි තත්වයක් ඇතිව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මෙසේ කියා සිටියේය.

“අපි කවුරුත් කම්පනයට පත්වන තත්ත්වයක් රට තුළ තියෙන්නේ. මහ පාරවල් වහගෙන බස්රථ අවහිර කරන මිනිස්සු පාරට බැහැලා රට අකර්මණ්‍ය කරන තත්ත්වයක් මේ රට තුළ තියෙන්නේ. මෙවැනි තත්ත්වයකට මේ රට යෑමේ අනතුර පසුපෙළට වැටිලා ඉන්න ඇමතිවරු, නාමල් රාජපක්ෂ ඇතුළුව මේ අයගේ හෘද සාක්ෂිය දන්නවා තිබුණ අමාත්‍ය මණ්ඩලය ඇතුළේ අපි ඇමතිවරු කිහිපදෙනෙක් මේ අනතුර පෙන්නලා දුන්නා.

තමුන්නාන්සේලා අන්ධ, ගොලු, බිහිරි සේ කපුටාස් ගේ කීම පිළිගෙන ඒ අනුව කටයුතු කළා. දිට්ඨධම්මවේදනීය කර්මය තමා අද තරුණ, නවක මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දීලා ජ්‍යෙෂ්ඨ අයට පස්සට වැටෙන්න සිද්ධවුණේ.

ඔය ද්විත්ව පුරවැසියාව ගේද්දිම අපි කිව්වා, අද සාඨකයක් දාගත්ත මිනිහෙකුට පාරට බහින්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. තාමත් තමුන්නාන්සේලා අන්ධ, ගොලු, බිහිරි සේ ඉන්නවා. ඒ නිසා අද ඇතිවෙලා තියෙන අර්බුදයෙන් වගකීමෙන් තමුන්නාන්සේලාට ගැළවෙන්න බෑ. මාර්තු 2 අපි මේ ගැන රටට කිව්වා. ඇතුළේ කථා කරාම ඇහුවේ නෑ. 3 වෙනිදා මාවයි ගම්මන්පිල මන්ත්‍රීවරයාවයි අයින් කළා. අප්‍රේල් 3 වනදා පෙරේතයා පොළොවේ ගැහුවා වගේ කපුටාස් නෑ, තමුන්නාන්සේලාට තිබ්බ පට්ටමත් නෑ. දැන් ඉන්නවා හද්ද අනාථ වෙලා.

අපිට පහරදුන්නාට ඒ ආවේගයෙන් අපි ප්‍රතිප්‍රහාර දෙන්නේ නෑ. අපි මොන වෙනස්කම් තිබුණත් අදවත් යථාර්ථයට හිස නවන්න. නැත්නම් මහජනයාගේ ප්‍රකෝපකාරි ප්‍රතිචාර ප්‍රචණ්ඩත්වය දක්වා යනකල් බලාගෙන ඉන්නවා නම් ඒකෙ වගකීමත් තමුන්නාන්සේලා භාරගන්න.

අතීතයට විතරක් ඇඟිල්ල දික්කරලා බලය ගත්තාට පස්සේ, නිසි කලට නිසි මොහොතට නිසි තීරණ නොගැනීමේ ඵලවිපාකය තමයි අද මේ භුක්තිවිඳින්නේ. මේ තරුණ නවක මන්ත්‍රීවරු ඇමතිවරුන්ට රාජ්‍ය පාලනයට සදාචාරාත්මක අයිතිය නැතිවෙලා තියෙනවා. ඔබතුමා කියන එක කරන රාජ්‍ය සේවකයින් අද නැතිවෙලා තියෙනවා. ඔබතුමන්ලාට මේ රාජ්‍ය යාන්ත්‍රණය හසුරවන්න පුළුවන් වෙන්නේ නෑ. සාදාචාරාත්මකව වැහැරිලා ඉවරයි. මේ පාලන තන්ත්‍රය වැහැරිලා ඉවරයි. ඒ නිසයි කියන්නේ මේ තත්ත්වය ගැන බැරෑරුම්ව හිතන්න. එහෙම පුළුවන් නම් විතරක් අගමැති ඇතුළු සමස්ත ආණ්ඩුව ඉවත්වෙලා, මේ රටේ තියෙන අස්ථාවරත්වය ස්ථාවර කරන්න පුළුවන් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව සලස්සා දීලා කරුණාකරලා බැහැලා යන්න. එහෙම නොකළොත් මේ රටේ ඇති වෙන අවාසනාවන්ත ඉරණමේ පාපතර වගඋත්තරකාරයින් වීමට ඔබ සියලුදෙනා පත්වීම වළක්වන්න බැහැ.

මේක වහාම පාලිත තත්ත්වයකට ගෙන ඒම සඳහා මේ 225ට වගකීමක් තියෙනවා. ඒ 225 වගකීම නොගෙන එකිනෙකාට දොස් පවරමින් චෝදනා කරමින් ගත කළ හැකි කාලයක් නෙමෙයි මේ කාලය. අපි අතර තියෙන පරස්පරතා පසෙක තියා පාරේ විරෝධතා කරන ජනයාට නිසි ගෞරවය දෙමින් ක්‍රියාකළ යුතුයි. එහෙම නැත්නම් ගෝඨා ගෝ හෝම් විතරක් නෙමෙයි. 225 ගෝ හෝම් කියන තත්ත්වයට මේ රට පත්වෙයි.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka