gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රතිපල එන්න පටන් ගනී! පිටි කිලෝව 40කින් නගී! ස්කූල් වෑන් රුපියල් 1000කින් වැඩි කරයි! කෑම පැකට්ටුව 20%කින් නගී! අවම බස් ගාස්තුව 40 කරන්න ඉල්ලයි!

ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල අද (19) දින සිට රු 40 කින් ඉහල දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත. ඒ අනුව අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය තිරිගු පිටි තොග ලබා ගැනිමේදි සැම කිලෝවකටම රු 40 ක් වැඩි කර සමාගම වෙත මුදල් බැර කරන ලෙස සමාගම විසින් අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.

නව මිල වැඩි කිරිමත් සමග තිරිගු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රු 250 දක්වා ඉහල යන බව අලෙවි නියෝජිතයන් පවසයි.

එයට සමගාමිව ග්‍රැම් 450 පාන් ගෙඩියක් රු 20 කින් සහ තිරිගු පිටි ආශ්‍රිත කෙටි ආහාර රු 10 කින් පමණ ඉහල දැමිමට සිදු වන බව බේකරි හිමියන් පැවසිය.

දැනට වෙලදපොලේ ග්‍රැම් 450 පාන් ගෙඩියක් රු 110 කට අලෙවි වන අතර, තිරිගු පිටි ඉහල යාමත් සමග බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වල මිල 70% කින් පමණ ඉහල ගොස් ඇති බවයි බේකරි හිමියන් කියා සිටින්නේ.

සෙරෙන්ඩිප් තිරිගු පිටි සමාගමද තිරිගු පිටි කිලෝවක මිල වැඩි කරන බව දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත  දැනුම් දි ඇත.

එසේම පාසල් වෑන් රථ රියැදුරන් රුපියල් 1000කින් මිල ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.

ආපන ශාලා හිමියන් බත් පැකට්ටුව 20%කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ නැංවිය යුතු බව බස්හිමියන්ගේ සංගමය ප්‍රකාශ කොට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka