gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යාපනේදී හිරුණිකාට විරෝධය පෑ ආණ්ඩුවේ අරුන් සිද්ධාර්ථන්ට කාන්තාවන්ගෙන් ගුටි (VIDEO)

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) යාපනයේදී පැවති විරෝධතාවක් මැදට පැන ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කළ අරූන් සිද්ධාර්ථන්ට එහි සිටි කාන්තාවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

“මවුවරුන්ගේ අරගලය” මැයෙන් සමගි කාන්තා බලවේගය විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමන ඊයේ යාපනය නගරයේදී ආරම්භ වූ අතර එම පා ගමන දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පැමිණීමට නියමිතව ඇත.

ජීවන වියදම ඉහළ යෑම, ඉන්ධන හිඟය, ගෑස් හිඟය ඇතුළු ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් පැමිණි පා ගමන මැදට කඩා වැදුණු අරූන් සිද්ධාර්ථන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් සටන් පාඨ කීමට උත්සාහ කළ අවස්ථාවේදී ගැටුම්කාරී තත්වයක් ඇතිවූ අතර එහි සිටි කාන්තාවන් ඇතුළු පිරිසගෙන් එල්ල වූ ප්‍රහාරය හමුවේ අරුන් සිද්ධාර්ථන් පළා ගියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka