gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

''ජනතාව ප්‍රචණ්ඩ වීමට පෙර විසඳුම් දෙන්න'' - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය කියයි

ශ්‍රී ලංකාව තුළ නරක අතට හැරෙමින් තිබෙන ආර්ථික අර්බුදයට එරෙහිව විරෝධතාවල නිරත වන පිරිස් සම්බන්ධයෙන් සාමකාමී ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 

මානව හිමිකම් උල්ලංඝණය කරන නීති හා අණපනත් හරහා ආර්ථික අර්බුදයන්ගෙන් පීඩාවට ලක්වී ආතතියෙන් යුතුව හැසිරෙන රට වැසියන් මර්දනය කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේදැයි සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම ඉල්ලීම සිදුකරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය අවධාරණය කරයි.

මේ වන විට වඩාත් නරක අතට හැරී තිබෙන ශ්‍රී  ලංකාවේ අයහපත් ආර්ථික තත්ත්වය හේතුකොටගෙන ආහාර හා ඉන්ධන හිඟයක් ඇති බවත් විදුලිය විසන්ධි කරන කාලය දීර්ඝ කිරීමත් සමඟ මංමුලා වී ඇති රටවැසියන් විරෝධතාවල නිරතවීමට පෙලඹී සිටින ආකාරය නිරීක්ෂණය වී ඇති බව ත් එම කාර්යාලය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක ලිස් තේරාසේල්, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සාමකාමී විරෝධතා හරහා මිනිසුන්ගේ දුක්ගැනවිලි නීත්‍යනුකූලව ප්‍රකාශ කිරීම අධෛර්යමත් කිරීම අරමුණු කරගෙන හදිසි නීතිය, මහජන ආරක්ෂක පනත සහ අනෙකුත් සීමා කිරීම් පනවා තිබෙන බවත් සඳහන් කළාය. තමන් මුහුණ දෙන දුෂ්කරතා සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශ්ව සමග අදහස් හුවමාරු කරගැනීමට මේ වන විට කලකිරී සිටින ජනතාව ඉච්ඡාභංගත්වය හරහා ඔවුන්ගේ විරෝධය පෑමේ ස්වභාවය වඩාත් ප්‍රචණ්ඩකාරී වීමට පෙර ශ්‍රී ලංකාවේ අර්බුද හා ජනතාවගේ ඉල්ලීම්වලට කන්දීම පාලක රජය අනිවාර්යයෙන් සිදු කළ යුතු බවද ලිස් තේරාසේල් පැවැසුවා ය. 

ආණ්ඩු විරෝධී මත මැඩපැවැත්වීම හෝ සාමකාමී විරෝධතාවලට බාධා කිරීම, මහජනයාට වැදගත් කාරණා සම්බන්ධයෙන් අදහස් හුවමාරුවීම පාලනය කිරීම ඇතුළු හදිසි අවස්ථාවන්හිදී ශ්‍රී  ලංකා රජය ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව කටයුතු කළ යුතු යැයි ඇය කියා සිටියා ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශක ලිස් තේරාසේල් මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වූ සමාලෝචනය පෙරේදා (අප්‍රේල් 5) ප්‍රකාශයට පත් කරමිනි. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka