gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්දට බහුතරය නැතැයි ගම්මන්පික කියයි

මේ වනවිට අගමැති මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතැයිද බහුතර බලය ඇත්තේ විපක්ෂය සතුව බවට පෙන්වීමට ඉදිරියේදී විපක්ශ මන්ත්‍රීන්ගේ අත්සන් සහිතව දිවුරුම් ප්‍රකාශ කතානායකවරයාට ඉදිරිපත් කරන බවද හිටපු ඇමති උදය ගම්මන්පිල දේශය පුවත්පතට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

මේ අතර වාර්තාවන්නේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනාගේ කණ්ඩායම සිය අවධානය යොමු කර ඇති බවය.

මේ අතර, අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව, අර්බුද විසඳීම සම්බන්ධයෙන් සහාය ලබා ගැනීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විදේශීය තානාපතිවරුන් හමු වී සාකච්ඡා කිරීමට ද පියවර ගෙන ඇති අතර, ඒ අනුව රුසියානු තානාපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා ද, චීන තානාපතිවරයා ඉකුත් සිකුරාදා ද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

මේ අතර ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍යවෙත ප්‍රකාශ කර තිබෙන්නේ, අගමැති මහින්ද රාජපක්ෂ ඉවත්වී නව අගමැතිවරයකු යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙස මෙම කණ්ඩායම රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටි නමුත් ආණ්ඩුවෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා විශ්වාසභංග යෝජනාවට සහාය දීමට සිදුවනු ඇති බවය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka