gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැණික් මලු 19ක් නිකම්ම දීලා… කෝටියක් අහිමිවෙයි!

ශ්‍රී ලංකා රේගුව විසින් බාර දෙනු ලැබ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ මැණික් පාර්සල් 19ක් වෙනුවෙන් රුපියල් කෝටියකට වැඩි ගාස්තුවක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම මැණික් පාර්සල් 19 එම අධිකාරියේ සුරක්ෂිතාගාරයේ වසර 30කට අධික කාලයක් තිස්සේ තැන්පත් කර තිබියදී පසුගිය 2021 වර්ෂයේ පෙබරවාරි 19 වැනිදා ශ්‍රී ලංකා රේගුවට බාරදී ඇත.

මේ එක් පාර්සලයක් වෙනුවෙන් දිනකට රුපියල් පනහක මුදලක් අය කර ගත යුතුව තිබී ඇත.

මේ අතර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රුපියල් ලක්ෂ 67කට ආසන්න පිරිවැයක් දරා මිලදීගෙන තිබූ විදුලි උදුනක් තාක්ෂණික දෝෂ හේතුවෙන් ඉවත් කිරීම නිසා එම මුදල සම්පූර්ණයෙන්ම නාස්තිවී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම උදුන මිලදීගෙන ඇතැයි පැවසෙන්නේ 2015 වර්ෂයේදීය.

එසේම රත්නපුර ප්‍රදේශයේ මැණික් කෞතුකාගාරයක් ඉදි කිරීමට රුපියල් ලක්ෂ 22ක පමණ මුදලක් වැය කර එය වෙනත් ස්ථානයක ඉදි කිරීම නිසා එම මුදලද සම්පූර්ණයෙන්ම නාස්තිවී ගොස් තිබූ බව විගණන නිලධාරීහු පවසති.

අතහැර දැමු කෞතුකාගාරය වෙනුවෙන් එම මුදල වැය කර තිබුණේ 20106 – 2019 අතර කාලයේදීය.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාවේද මෙම දූෂණ වංචා පිළිබඳව සඳහන්වී ඇත.

උපුටා ගැනීම : lankatruth
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka