gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රට ගිනි ගනිද්දී පාර්ලිමේන්තුවේ ගොං පොර… කතානායකවරයා තිස්සකුට්ටිආරච්චි සහ චමින්ද විජේසිංහ සභාවෙන් පන්නයි

උණුසුම් බහින්බස් වීමක් හේතුවෙන්  සමගි ජන බලවේගයේ  බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි   පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී  වේත්‍රධාරීවරයාට උපදෙස් දුන්නේය .

ඒ අනුව ඔවුන් ඉවත් කිරීමට වේත්‍රධාරී නිලධාරීන් විසින් කටයුතු කෙරිණි.

එම මන්ත්‍රීවරුන් දෙදෙනා අතර වූ උණුසුම්  බහින්බස්වීමක්  අද උදේ ඇතිවිය. මේ අවස්ථාවේ දී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නැගිට කීවේ රටම අප දෙස බලා සිටින බවත් තත්වය මෙසේ නම් අපට පාර්ලිමේන්තුවෙන් එළියට බැස යන්නටවත් නොහැකි වනු ඇති බවය.

මේ හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 05කට අත්හිටුවා යළි ආරම්භ කරන ලෙස ඔහු කතා නායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

විනාඩි පහකින් පසු කථානායක අසුනට පැමිණි කතානායකවරයා රටේ මෙපමණ බිහිසුණු අර්බුදයක් ඇතිවී තිබෙද්දී   මන්ත්‍රීවරු දෙපලක් මේ විදිහට හැසිරීම ඉතාම කණගාටු  දායක බවත්. ඉතාම අශෝභන බවත් කියා   ස්ථාවර නියෝග අංක 79 යටතේ එම මන්ත්‍රිවරු දෙපළ සභාවේ ඉදිරි කටයුතුවලින් ඉවත් කරන බව දන්වා සිටියේය.

වේත්‍රධාරීවරයා  ඒ කටයුතු අවසන් වනතුරු සභාවේ වැඩ කටයුතු ස්වල්ප වෙලාවකට අත්හිටවනු ලැබුවේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka