නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු හතරක් දිවුරුම් දෙති… මුදල් ඇමති අලි සබ්‍රි!
නව කැබිනට් මණ්ඩලයේ නව ඇමතිවරුන් හතරදෙනෙක් දිවුරුම් දී ඇත.
බැසිල් රාජපක්ෂ වෙනුවට මුදල් ඇමති ලෙස අලි සබ්‍රි දිවුරුම් දී තිබේ. ඒ හැරුණු විට ඉතිරි අමාත්‍ය ධුර තුනේ වෙනසක් සිදු වී නැත.
මහා මාර්ග ඇමති ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුත්, අධ්‍යාපන ඇමති ලෙස දිනේෂ් ගුණවර්ධන හා විදේශ කටයුතු ඇමති ලෙස ජී.එල්.පීරිස් දිවුරුම් දී ඇත.
කෙසේ වෙතත් ජනපතිවරයා අද මීට ස්වල්ප වෙලාවකට කලින් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට ඇමතිකම් බාරගෙන රට ගොඩනැගීමට පැමිණෙන ලෙසය.
නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු හතරක් දිවුරුම් දෙති… මුදල් ඇමති අලි සබ්‍රි!
2022-04-04T12:37:00+05:30
Gossip Lanka Hot News






