gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වීදිවල ප්‍රචණ්ඩත්වයක් ඇතිවිය හැකි බවට රනිල් අනතුරු අඟවයි!

මෙසේ අප්‍රේල් 03දා සමගි ජන බලවේගය විසින් සංවිධානය කිරීමට යන ‘විදී සටන’ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, දේශපාලනය පසෙක තබා ජාතික ප්‍රතිපත්තියක් සඳහා පොදු සම්මුතියක් සඳහා පුරවැසියන් එක්විය යුතු කාලය එළඹ ඇති බවයි.

සමාජ මාධ්‍යවෙත අදහස් දක්වමින් හිටපු අගමැතිවෙරයා තවදුරටත් මෙසේද කියා සිටියි.

”අප්‍රේල් 3 වැනිදා දේශපාලනික නොවන පෙළපාලියක් සඳහා මහජනතාවට පාරට බසින ලෙස ඉල්ලා සමාජ මාධ්‍යවල පණිවිඩ ආවා. ”

අද සජිත් ප්‍රේමදාස අප්‍රේල් 3 මහජන පෙලපාලි වල වගකීම බාරගෙන තියනවා.”

”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැන් ඔවුන්ගේ ආධාරකරුවන්ට මෙම පෙළපාලිවලට විරුද්ධ වීම සඳහා 3 වැනිදා එළියට එන ලෙස ඉල්ලා තියනවා.”

”මෙයින් පෙනී යන්නේ දැන් රටේ අර්බුදයට දේශපාලනය ඇතුළු විය යුතු බවයි. තත්ත්වය දේශපාලනීකරණය කළහොත් අපේ වීදිවල ප්‍රචණ්ඩත්වය අපට පෙනෙනු ඇත ”

දේශපාලන පක්ෂ භේදයකින් තොරව අර්බුදය විසඳීමට කැමති සියලුම පුරවැසියන්ට විවෘතව පවතින සාමකාමී සත්‍යග්‍රහයක් සඳහා එක්සත් ජාතික පක්ෂය රට පුරා ඉල්ලා සිටී.

අපි පසුගිය සිකුරාදා (25) කොළඹින් අපේ සත්‍යග්‍රහ ව්‍යාපාරය ආරම්භ කලා .. ලබන සතියේ 6 වැනිදා මාතරදී එවැනි සත්‍යග්‍රහයක් කරනවා. ”

”දේශපාලනය පසෙක තබා ජාතික ප්‍රතිපත්තියක් සඳහා පුරවැසියන් එක්විය යුතු කාලයයි මේ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka