රඹුක්කන උද්ඝෝෂණයේ දී ඉන්ධන බවුසරයට ගිනි තැබීමට උත්සාහ කළ සැකකරු පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. මේ තැනැත්තා රඹුක්කන පින්නවල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා ගිනි තැබීමට උත්සාහ කළ ඉන්ධන බවුසරය අසලට ගොස් ඇවිලෙන ගින්න නිවීමට උත්සාහ නොකර එන ආකාරය වීඩියෝ දර්ශනවලින් ප්‍රසිද්ධ වී තිබිණි.
සමාජ මධ්‍යය ඔස්සේ පෙන්වා දුන්නේ මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන් අසල සිට එම ස්ථානයට යන බවය. ඊයේ රඹුක්කන ඝාතන නඩුව තුන්වන දිනට කැඳවූ අවස්ථාවේ කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න පොලිසියෙන් බවුසරයට ගිනි තැබූ පුද්ගලයා හඳුනාගෙන තිබේදැයි විමසූ අවස්ථාවේ පොලිස් විමර්ශන කණ්ඩායම කීවේ ඔහුව හඳුනාගෙන නැති බවය.
වෙඩි වැදී තුවාලවූවන් අතරත් වෙඩි වැදී මිය ගිය පුද්ගලයාත් බවුසරයට ගිනි තැබීමට උත්සා කළ බවට සාක්ෂි නැති බවත් පොලිසිය අධිකරණය ඉදිරියේ දී ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින අද මෙම සැක කටයුතු පුද්ගයාව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
