රඹුක්කනදී ඇතිවූ සිද්ධියේදී තමන්ට විරෝධතාකරුවන්ගෙන් කිසිදු හානියක් සිදු නොවූ බව බවුසර් රථයේ රියදුරු සහ සහයකයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.
“තෙල් ලෝඩ් එක පටවගෙන සංස්ථාවෙන් පිටවුණේ උදේ 10.30ට. 12.30 හෝ 1ට විතර තමයි අපි සමූපකාරය ඉස්සරහා රඹුක්කන ඉන්ධනහලට ගියේ. ඒ යනකොට අපිට කලින් ගිය බවුසරය ඈත තියෙනවා අපි දැක්කා. ඒත් එක්කම අපිට ඉස්සරහට යන්න සිද්ධ වුණා. පිරිසක් ඇවිත් අපිව ඉදිරියට රැගෙන ගියා.”
“අපිට කිසිම හානියක් කළේ කෑ.. කන්න දුන්නා..බොන්න දුන්නා. පොලීසිය සෑහෙන්න උත්සාහයක් ගත්තා බවුසර් දෙකම අයින් කරන්න. බැරිම තැන තමයි පොලීසිය කඳුළු ගෑස් ගැහුවේ.”
බවුසර් රථයේ රියදුරු,
“මම රියදුරු අසුනේ සිටියදී මිනිස්සු රෝද හතරෙම හුලං ඇරියා. ඒ නිසා පොලීසිය මට බවුසරය ඉදිරියට ගන්න කිව්වට ගන්න බැරි වුණා.”
උද්ඝෝෂකයන්ගේ පහරදීම් නිසා ඉන්ධන බවුසර් රථ දෙකට ද දැඩි හානි සිදුවුණා.
