ගාල්ල–මාතර ප්‍රධාන මාර්ගයේ ගාල්ල ධීවර වරාය අසල පැවැත් වෙන විරෝධතාවක් එම මාර්ගය අවහිර වී තිබේ.
අනතුරුව විරෝධතාකරුවන් අදාළ ස්ථානයේ සිට ගාල්ල නගරය වෙත පැමිණ ඇති අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ද මාර්ග අවහිර වී ඇතැයි ඔහු පැවසීය.
මේ අතර මොරටුව, කුරුස මංසන්ධියෙන් ගාලු පාර සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.
වඩු කාර්මිකයන් සිදු කරන විරෝධතාවක් හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බව අප වාර්තාකරු පැවසීය.
සිය වෘත්තිය කටයුතු සිදු කිරීමට බාධා ඇති වී ඇති බව පවසමින් ඔවුන් මෙලෙස මෙම විරෝධතාවයේ නිරත වී ඇත.
