අගමැති මහින්ද සහ ඇමති නාමල් ජනපතිගේ ජම්බුගස්මුල්ල නිවසට යති!
ඊයේ උද්ඝෝෂකයන් පිරිසක් විසින් වටකරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජම්බුගස්මුල්ල නිවසට අද උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ පැමිණියේය.
සිද්ධියෙන් අනතුරුව ජනාධිපතිවරයා හමුවීම සඳහා මේ දෙපල පැමිණ තිබිණි. පාර පුරා විසිරී ඇති ගඩොල් සහ ගල් මග හරිමින් ඔවුන් අසීරුවෙන් ගමන් කරන ආකාරය ඡායාරූපවල පලවිය.
මේ වනවිට සිද්ධිය සම්බන්ධව පුද්ගලයින් 45 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. උද්ඝෝෂණය අතරතුර පුද්ගලයින් 35 දෙනෙක් තුවාල ලබා ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය කීවේ අන්තවාදී මැර කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ නිවස වැටලූ බවය.
- කීර්ති ප්‍රනාන්දු
අගමැති මහින්ද සහ ඇමති නාමල් ජනපතිගේ ජම්බුගස්මුල්ල නිවසට යති!
2022-04-01T12:27:00+05:30
Gossip Lanka Hot News






